PDHS Southern

තත්ත්ව කළමනාකරණ ඒකකය

තත්ත්ව අරමුණු – තත්ත්ව කළමනාකරණ ඒකකය

  • තත්ත්ව කළමනාකරණ ඒකකයයේ ඉදිරි වර්ෂයට අදාල ක්‍රියාකාරී සැලැස්ම සෑම වර්ෂයකම දෙසැම්බර් මස 15 වන දිනට  ප්‍රථම ආයතන ප්‍රධානියා ගේ අනුමැතියට ඉදිරිපත් කිරීම.
  • ආයතනය තුල ISO 9001:2008  තත්ත්ව කළමනාකරණ පද්ධති අවශ්‍යතා වලට අනුකූලව කටයුතු පවත්වාගෙන යාම තහවුරු කිරීමට අහ්‍යන්තර විගණන සැලැස්මට අනුව වසරකට විගණනයන් 05 ක් පැවැත්වීම
  • ආයතනය මගින් වඩාත් ඵලදායි හා කාර්ය්‍යක්ෂම සේවාවක් සේවාලාභීන් වෙත ලබා දීම උදෙසා සේවාලාභීන්ගෙන් ප්‍රතිචාර එක් රැස්කර කාර්තු වශයෙන් විශ්ලේෂණය කර ඉහළ කළමනාකරණය වෙත යොමුකිරීම  තුලින් සේවා හිඩැස හෝ සේවාලාභීන් අමන්දානන්දයට පත් කිරීමේ ප්‍රවනතාවය පෙන්වා දීම
  • දකුණු පළාතේ සෞඛ්‍ය ක්ෂෙත්‍රය තුල සමස්ත ඵලදායිතාව ඉහළ නැංවීමට ඉහළ සේවක අභිප්‍රේරණයකින් හා මහජන ප්‍රසාදයට පත් වු කාර්යක්ෂම ,සඵලදායි ආයතන පද්ධතියකින් ස්ථාපිත කිරීමට ඇප කැප වී ක්‍රියාකරන ආයතන ඇගයීම සඳහා සෑම වසරකම දෙසැම්බර් මස 31 දිනට ප්‍රථම දක්ෂිණ සුවවිරු  අභිෂේක උළෙල පැවැත්වීම .
  • අප ආයතනය තුල හා ආයතනයට සෘජුව හා වක්‍රලෙස සම්බන්ධ වු  අනෙකුත් ආයතන වල දැනුම, කුසලතා හා අකල්ප වලින් සමන්විත මානව සම්පත් බිහි කිරීම උදෙසා ඵලදායිතාවය හා තත්ත්වය ස්ථාපිත කිරීමට අදාලව පුහුණු කැලැන්ඩරය අනුව පුහුණු වැඩ සටහන් පැවැත්වීම.
  • ආයතනය තුල 5S සංකල්පය නිසිලෙස ක්‍රියාත්මක වීම තහවුරැ කර ගැනීම උදෙසා වර්ෂයට දෙවතාවක් 5S  විගණනය  සිදු කිරීම
  • අභ්‍යන්තර සේවාලාහීන්ගේ තෘප්තිය මැනීම සඳහා වසරකට දෙවතාවක් සමීක්ෂණයක් මගින් එක් රැස්කරන දත්ත විශ්ලේෂණය කර ඉහළ කළමනාකාරිත්වය වෙත යොමු කිරීම
  • වාර්ෂිකව කාර්ය්‍ය මණ්ඩලයේ හැකියා තක්සේරු වාර්තාවක් සෑම වසරකම සකස් කිරීම හා එය ඉහළ කළමනාකරණයට යොමු කිරීම
  • ඵලදායිතා හා තත්ත්වය සම්බන්ධ ඇගයීම් කරන ආයතන වලින් පවත්වන ජාත්‍යන්තර හා ජාතික තරඟ සඳහා අදාල කාලවකවානුවේ දී ආයතනය ඉදිරිපත් කර ජයග්‍රහන ලබා දීම
සිංහල/தமிழ்/English