PDHS Southern

ආයතන අංශය

තත්ත්ව අරමුණු – ආයතන අංශය

  • දකුණු පළාතයට ස්ථාන මාරු වී පැමිණෙන හා පළාතෙන් මුදා හැරීමට නියමිත  වෛද්‍ය නිලධාරීන්ගේ එම අවශ්‍යතාවය එදිනම ඉටු කිරීම.
  • දකුණු පළාත තුල සෞඛ්‍ය ක්ෂ්ත්‍රෙය් නිලධාරීන්ගේ  නිලධාරී වාහන  බලපත්‍ර අයදුම්පත ලැබී සතියේ වැඩ කරන දින 03 ක් තුල නිර්දේශ කර ඉදිරිපත් කිරීම.
  • පරිවාස කාලය අවසානයේ සේවය ස්ථීර කිරීම  (යටත් ආයතන )  සියළු නිලධාරීන්ගේ හා සේවකයන්ගේ අයදුම් පත් වැඩ කරන දින 14 ක් තුළ නිර්දේශ කර සෞඛ්‍ය ලේකම් වෙත යොමු කිරීම.
  • පරිවාස කාලය  අවසානයේ සේවය ස්ථීර කිරීම  (ආයතන තුළ)   හා වැඩ බැලිමේ කාලය සම්පුර්ණ කර මාස 03 ක් තුළ සියළු නිලධාරීන්ගේ හා සේවකයන්ගේ අයදුම් පත් නිර්දේශ කර සෞඛ්‍ය ලේකම් වෙත යොමු කිරීම.
  • ස්ථාන මාරු (අවශ්‍යතාවය මත) අන්තර් පළාත් (යටත් ආයතන හා කාර්යාලය තුල)  ඉල්ලීම් අයදුම් පත ලැබී වැඩ කරන දින 07 ක් තුල සෞඛ්‍ය ලේකම් වෙත යොමු කිරීම.
  • ස්ථාන මාරු (අවශ්‍යතාවය මත) දකුණු පළාත තුල (යටත් ආයතන හා කාර්යාලය තුල) ඉල්ලීම් අයදුම් පත ලැබී වැඩ කරන දින 07 ක් තුල සෞඛ්‍ය ලේකම් වෙත යොමු කිරීම.
  • ශ්‍රේණිගත උසස් කිරීම් නිර්දේශ කර අනුමැතිය සදහා යොමු කිරීමේ ක්‍රියාවලිය අදාළ නියමිත සුදුසුකම් සම්පුර්ණ කර හෝ වැඩ කරන දින 07 ක් තුළ සෞඛ්‍ය ලේකම් වෙත යොමු කිරීම.
  • විශ්‍රාම වැටුප් අංකයක් ලබා ගැනීම  අ  ආකෘති  සම්පුර්ණ කර ලැබී වැඩ කරන දින 14 ක් තුළ
  • වැන්දඹු / වැන්දඹු පුරුෂ,  වැන්දඹු අනත්දරු අංකය ලබා ගැනීම පතවීම ලබා මාස 03 ක් ඇතුලත.
  • විශ්‍රාම ගැන්විම සදහා අනුමැතියට වැඩ කරන දින 07 ක් තුළ සෞඛ්‍ය ලේකම් වෙත යොමු කිරීම.
  • වාර්ෂික වැටුප් වර්ධක සකසා ගෙවීම් පිණිස යොමු කිරීමේ කාර්ය සාධන අනුමත කර ලබා දුන් පසු වැඩ කරන දින 07 ක් තුළ
  • බඳවා ගැනීමේ පරිපාටි සකස් කිරීමේ කටයුතු සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතිය ලද පසු මාස 03 ක් තුළ බඳවා ගැනීමේ පරිපාටි කෙටුම්පත සකස් කර ඉදිරිපත් කිරීම.
  • භාෂා දිරිදීමනා  ඉල්ලීම ලැබී වැඩ කරන දින 07 ක් තුළ සෞඛ්‍ය ලේකම් වෙත යොමු කිරීම.
  • පරිගණක පුහුණු දිරි දීමනා අයදුම්පත ලැබී වැඩ කරන දින 07 ක් තුළ නිර්දේශ කර සෞඛ්‍ය ලේකම්  යොමු කිරීම.
  • වාර්ෂික ස්ථාන මාරු නියෝග නිකුත් කිරිම දකුණු පළාත් ස්ථාන මාරු පරිපාටිය අනුව නියමිත කාල වකවානුව අනුව කටයුතු කිරීම.
සිංහල/தமிழ்/English